Monday, 28 November 2011

සංසාර සෙවණැලි 05






ගීතකි ගේ ජිවිතය හා බැදි අරගලය කුමක් විය හැකිද..ගීතකි ගේ මව බියවන පෙර ආත්මික බැදිම කුමක් විය හැකිද..සිතුමි ..සේනාධ ..මේ සියල්ලන් වටාම කැරැකැවෙන සුලිසුලඟක පෙරනිමිත්ත ..


සංසාර සෙවණැලි





''මොකෝ නංගි''

''පුදුම වැඩක් නේ අක්කේ උනේ..'' හැර තිබු දොර දෙසට නෙත් ගෙනයමින් නංගි ලොකු කතාවක් කියන්නට මුල් පුරමින් සිටියේ මගේ හදට කුතුහලයක් රඳවාය .

''මොනාද උනේ සිතුමි.. ඔයා හරියට මිනියක් මැරුවා වගේනෙ''

නංගි හට සිතුමි කියා නමින් ඇමතිම මා කලේ සිතේ නොක්කාඩුවක් හට ගත් විට පමණක් බැවින් එ බව වටහා ගත් නංගි ගේ දෙතොලතර ට මන්දස්මිතයක් ගලා ආවේ නිරායසයෙන්ය .

'' නැ  අක්කේ මේකයි..මම අම්මා කුස්සියට යනකම් උන්නේ කියන්න..අම්මා ඉතින් දරුවා උනත් පිට ගියාට පස්සේ ගෙයි ගිනි පිටට දෙන් නැති එක්කෙනා නේ..එත් මට බැනේ මෙක ඔයාට හං ගන් ඉන්න..''

''ඉතින් මොකද උනේ..''

''මුකුත් උනේ නම් නැහැ..මම කෙලින්ම කියන්නම්කෝ ඔයා  දන්නවා නේද ටවුමේ සජිත් ව..අර ත්‍රිවිල් කාරයා... මුලු ත්‍රිවිල්කාරයෝ ඔක්කොම ඌට බයයි නේ..''

මතකයට නඟා ගන්නට දෙයක් නොවිය ..සජිත් යනු මුලු ටවුමට උන් රස්තියාදුකාර නාහෙට නාහන දඩබ්බරයෙක් විය ..

''ඉතින්'' මා විමසුවේ ඔහුගෙත් මේ කතාවෙත් ඇති සම්බන්ධය කුමක්ද යන්න වටහා ගැනිමට නොහැකිවය ..

''මිනිහා ටික කාලේක ඉදන් මගේ පස්සෙන් එනවා..වැඩි කල් නෙමේ දැන් මාසෙක දෙකක ඉදලා..මම එක එතරම් ගණන් ගත්තේ නැ ගිහාන් ට විතරක් පොඩ්ඩක් කියලා තිබ්බා..එත් ඉතින් මට මිනිහාගෙන් ප්‍රශ්නයකුත් නැති එකේ මිනිහාගේ ෆලෝ එක මම එච්චර හිතුවේ නැහැ..''

ගිහාන් යනු නංගි සිතුමි ගේ පෙම්වතා ය ..පෞද්ගලික බැංකුවක වැඩ කල ඔහුගේ ත් ඇගෙත් සබදතාවය දැනන් උන්නේ මා පමණකි.. නුමුත් මෙලෙසට මැරයෙක් කියන දෙයක් නාහන චන්ඩියෙකු පස්සෙන් එම ගණන් නොගෙන සිටිමට තරම් කරුණක් නොවිම නංගිට සුලු දෙයක් උනේ ඇගේ කුඩා කල සිටම තිබු ස්වාධින ප්‍රතිපත්තින් නිසා වන්නට ඇත..හැකි සැම විටම මම ද ඇගේ ජිවිතය පිලිගත්තද වැඩිමල් සොහොයුරිය වශයෙන් ඇගේ මෙම නොසැලකිල්ල නම් මගේ අමනාපයට මෙන්ම  සිතට අහේතුක  බියක්ද විය ..

''ඔයා හරි අපුරුයි නේ නංගි..ඇයි මේක ගෙදර අයට නොකිව්වේ...''

'' නැ අක්කේ..මට ගෙදරින් නිති දායි කියලයි බය හිතුනේ..අනික අම්ම බය වෙයි කියලා..අනික අයියාත් ආමි එකේ තියෙන වැඩ දාලා ඇවිත් ගෙදර නවතිවි..දැක්කානේ ගිය හැටි..මම යන්නේ නොගිහින් බැරිකමට කියලා ගියේ ..''

ඇත්තය..අයියාගේ සිතේ කුඩා කල සිට තිබු සිහිනය නම් සෙබළෙකු විමය ..ඔහු කිසිදු රැකියවක් නොකල හේතුවෙන් නිවසට ද බරක් වෙන්නට නොහැකි කමින් ආමි ඇප්ලිකේශන් දැම්මේ සිතේ මහත් බරක් කරපින්නාගෙනය ..එත් සමඟම තාත්තා සේව්යෙන් ඉල්ලා අස්විමට ඉල්ලුම්පත් දැම්මද තව එක් අවුරුද්දක් සේවයේ යෙදෙන ලෙස කල ඉල්ලිම සලකා බලා තිබුනි..

''ඉතින්''

''සඳුදා මගේ ක්ලාස් එක ඇරිලා එද්දි සජිතයා යි තව කොල්ලෙකුයි මගේ පස්සෙන් ඇවිත් බස් හෝල්ට් එක ලඟට චන්ඩියා වගේ සජිතයා ඇවිත් මගෙන් යාලුවෙන්න ඇහුවේ නැතැයි..''

''දෙවියනේ ඉතින්''

''ඉතින් නෙමේ බං එදාම අයියා ගෙදර හිටියේ..එයා ඉතින් මාව ගන්න ටවුන් එකට එන එකනේ හිතුන වෙලාවට..අදත් මගේ පිනටද කරුමේට  ද ආවා..හැබැයි අයියා නාවා නම් මම ගෙදර යනවා බොරු..ඌ එ තරම් සයිස් එකෙන් හිටියේ..මු මගේ ලඟ ඉන්නවා කතා කරපුවා ඔක්කොම අයියා අහන් මුට එතනම ලේ එනකම් ගැහුවා..''

මම ඉහලට ගත් හුස්මද ඉවතට නොගෙන බලන් සිටියේ පුදුමයෙන්ම නොව..අයියාඅගේ හැටි එලෙසය..කෙන්ති ගිය කල ඔහුව පාලනය කිරිමට අම්මා ට තාත්තා ටවත් බැරිය ..

''ඔයාට ගැහුවේ නැද්ද''

'' ගැහුවේ නැ මාව මරනවා  තව පොඩ්ඩෙන් අම්මා නොහිටින්න..''

''ඔයාට ගහන්නේ මොනා කලාටද''

''ඇයි අක්කේ දැන් ඔයාමනේ ඇහුවේ මට ගැහුවේ නැද්ද කියලා..ගෙදර එකා මට ගැහුවේ වරදක් කලට නෙමේ..වරදක් වෙන්න කලින් එ වැරද්ද නොවෙන්න හංගන් හිටියාට..ඇහුනද..''


''මොකද මේ මද්දුව තියන් කියවන්නේ පොඩ්ඩියේ ආපු වෙලේ ඉදන්''

කුස්සියේ උන් අම්මා පැමිණියේ කේක් තසිමක් සහ මයිලෝ එකක් ගෙනය .. ඉස්සර ඉදන්ම නංගිත් මාත් ආසම කලේ අම්මා සාදන මයිලෝ විදුරුව තොල ගාන්නය ...බත් කන්නට අප තුල වුයේ මහත් වු අකමැත්තකි..අදත් ඇයට එ පුරුදු අමතක නැත.

''නැ අම්මේ මේ ඊයේ පෙරේදා උන ත්‍රාස්යජනක සිදුවිම් පෙල පෙලගස්සමින් මම මේ හිටියේ අක්කාට...'' නංගි පැවසුවේ රඟපාමින්ය ..ඇගේ විකාර ස්වරුපය දැක මට සිනහා ගියද මම එය යටපත් කර

''ත්‍රාස්ය නෙමේ මේ..ඔය සජිතයා කොහොම එකෙක්ද කියලා දන්නවා නේද සිතුමි..අනික අනිත් දවසේ ගෙදරට හොරෙන් කිසිම දෙයක් කරන්න කියන්න හිතන්නවත් එපා..කවුරු නැතත් ඔයා ලඟ අන්තිමට දුකක් කියන්න ඉන්නේ තමන්ගේ අය විතරක් කියල මතක තිය ගන්න නංගියා..''

''එක නේ ලොක්කියේ..බලහන් පොඩ්ඩි අද උඹ අක්කා ගෙදරින් එලියට බැස්සුවේ කොයිතරම් ආසාවකින්ද..කෙල්ලෙක්ට දෙන්න දෙයක් නැති උනත් තමන්ගේ නම ට කැලලක් නොවෙන්න එලි බහින්න තිබ්බොත් කොටි ගානක දේපලකටත් වඩා අන්න එක වටිනවා කියල මතක තිය ගන්න දරුවෝ..''

''නංගි වරදක් කරන්නේ නැ අම්මේ..කෝ අයියා '' කියා මා එලිය ට පැමිණියේ නෙතට ආ කඳුලු එ දුප්පත් අම්මාගෙන් සඟවා ගැනිමටය .. කෙතරම් බලාපොරොත්තු කන්දක් ඇගේ සිතේ තිබෙන්නට ඇත්ද...සමනල කන්ද සේ මහා මෙරක් තරම් බර ඇ උසුලන් දියණියන් දෙදෙනෙකු සදා කල එලි කල අම්මා ට මා දෙන්න හදන පව..මිතුනුත් වයෝමිත් එක්කල සතුට මකා දැමිය හැකි වේද..

''කොල්ලා ගියේ හිතකින් නෙමේ..අනේ අප්පා නැති ගෙදර පර්වතේ වගේ උන්න කොල්ලා..''

''අපි වරදක් කරලා නැනේ අම්මේ..'' මා සැදුවේ ඇගේ සිත යම්තමින් හෝ සාදන්නය..

''අනේ මංදා ලොක්කියේ මේලොව පව් නොකලාට අපි ආත්ම ගණනක පව් අපේ පවුල පස්සෙන් පන්නව කියලා මට දැනෙනවා..කාට හරි ගින්දරක් දුන්නොත් එ ගින්දර මකා දාන්න කවාකවදවත් බැ..එ පව මෙලොව නැත්නම් උපදින ඉලග ආත්මෙක අපි විදොනවා..''

13 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  2. අයියලා ඉතින් නංගිලාට තියෙන ආදරේ හන්දනෙ ඔහොම වලි වලට පැටලෙන්නෙ. අයියට ඒ මැරයගෙන් කරදරයක් වෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
  3. aa nanga wadata bahala wade...napuwatath ekka dan liyanna ona hodada....ithiri kotasath ikmanata danna....

    ReplyDelete
  4. මම මේ කොටස් කවදා දායිද කියලා බලාගෙන හිටියේ.. කලින් කොටස් 4ට වඩා වෙනස් පැත්තකට ගිය කොටසක්.. ඒත් මේකෙත් මොකක් හරි සම්බන්දයක් ඇතිනේ...

    ReplyDelete
  5. ආයේ කතාවක් දුවනවා වගේ..ලියලා ඉවර කරන්නකෝ සෙට් එකම එකට බලලා දාන්නං..නැත්තං කෑල්ලෙන් කෑල්ල එනකල් බලං ඉන්න ගියාම පණ යනවා...

    ReplyDelete
  6. කියෙව්වෙ නැ !

    ReplyDelete
  7. බටහිර හා හින්දි චිත්‍රපට ලෝලී ඔබ වෙනුවෙන් අන්තර්ජාලයට මුදාහැරැනු අලුත්ම වෙබ් අඩවියයි මේ.දැනට ටොරෙන්ට් පමණක් ලබාදෙන අතර ඉදිරියේදී ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් පහසුකමද ලබාදීමට සූදානමින් සිටී.සිංහලෙන් කථා සාරාංශය සහ සිංහල උපසිරැසිද අප විසින් ඇතැම් චිත්‍රපට වලට ලබාදෙයි.ඵසේ නම් අපේ සයිට් ඵක පැත්තෙ ඇවිල්ලා පොඩි රවුමක් දාලා යන්න.අනික අපි ගැන ඔයගොල්ලන්ගෙ යාළුවන්ටත් කියන්න හොදේ.

    වෙබ් අඩවිය - www.cinelanka.net

    like our facebook fan page :- http://www.facebook.com/pages/Cinelankanet/102885409815996

    ReplyDelete
  8. ko ithuru tika

    ReplyDelete
  9. නිම්ශා මොකෝ සද්ද නැත්තෙ මේ දවස් වල..

    ReplyDelete
  10. me kathawa dan liyanne nadda??

    ReplyDelete
  11. ඔන්න අද තමා ඔක්කෝම කියෙව්වේ..කෝ මේ කෙලී..? 2012ට වැඩ අල්ලන්නේ නැද්ද..?

    ReplyDelete
  12. oh,ko ithuru tika.

    ReplyDelete
  13. ඔන්න මමත් ආවා

    ReplyDelete

හිතට දිරිය දෙන එකම ශක්තිය ..ඔබේ ප්‍රතිචාරය ..